Brahma Kumaris, Sri Lanka ...

යහපත් ලොවක් උදෙසා ආධ්‍යාත්මික පිබිදීම

යහපත් ලොවක් උදෙසා ආධ්‍යාත්මික පිබිදීම …


බ්‍රහ්ම කුමාරීන්ගේ දැක්ම වූ කලී, යහගුණ පදනම් වූ ජීවන රටාවක් අනුගමනය කරමින් සාමය, පාරිශුද්ධත්වය සහ සතුට පිරි පරිසරයක් නිර්මාණය කර යහපත් ලොවක් සඳහා ආධ්‍යාත්මික පිබිදීමක් සිදු කිරීමයි.

සෑම මනුෂ්‍යයෙක් තුළම ඇති මුල් ගුණාංග හඳුනා ගනිමින් ඒවා නිරන්තර පුරුදු පුහුණු කිරීමේ රාජයෝගා වැඩපිළි‍වෙල මඟින් සාමකාමී ප්‍රතිපත්ති වර්ධනය කිරීම කර ඇත. මෙම සේවය පසුගිය අවුරුදු 35 ක් පුරා දිගටම ක්‍රියාත්මක වේ. ශ්‍රි ලංකාවේ දහස් ගණනක් ජනතාව‍ගේ ජීවිත අත්දැකීම් ලෙස පාරිශුද්ධිය, සාමය, සෙනෙහස හා සතුට පවත්වා ගැනීම ඉන් අදහස් කෙරේ. මේ උත්සාහයට ගරු කිරීමක් වශයෙන් අප ආයතනය 1998 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අංක 37/98 දරණ පනතින් සංස්ථාපිත කර ඇත.

ඉදිරියෙන් ම සිටින ආධ්‍යාත්මික ආයතනයක් ලෙස බ්‍රහ්ම කුමාරීන් මඟින් සියළු පසුබිම් ඇති ජනතාවට තම තමාගේ ගැඹුරු රහස් ගවේශනය කිරීමට විවිධ පුහුණු පාඨමාලා වලට සහභාගී වී අභ්‍යන්තර ගුණාංගයන් සහ බලයන් වර්ධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසයි.

දැන් දිවයින පුරා පිහිටුවා ඇති පංති, උප මධ්‍යස්ථාන හා මධ්‍යස්ථාන 75 කට වඩා වැඩි ගණනක සාමාජිකයින් 5000 කට වැඩි ගණනක් සහිතව මෙම වෘක්ෂය වැඩි වර්ධනය වී ඇත.

 

භාවනාව …


lotus_home_blur

භාවනාව යන්නෙන් අදහස් වනුයේ අප ආධ්‍යාත්මික බැටරිය බලාත්මක වීමයි. ඔබ ඕනෑම කටයුත්තක් කරන විට දීද භාවනා කිරීම කළ හැකියි – වැඩ කරමින්, යමින් එමින් සහ ගයමින් ආදී වශයෙනි. වැදගත් වන්නේ මහ බලාගාරය හා නිසියාකාර ලෙස සම්බන්ධ වීමයි. මේ නිසා ඒ පිළබඳව සරළ ලෙස හා පැහැදිලිව තේරුම් ගෙන දවස පුරාම පිබිදීමෙන් යුතුව දිවි ගෙවිය යුතුයි.

මෙය ඔබේ ජීවිතයේ දෛනික වැඩ කටයුතු වලදී ඉතා උසස් යහපතක් ගෙන ඒමට උපකාරී වනු ඇත. සතුට පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගනිමින් ඔබවත් අන් අයවත් ඇගයීමේ හැකියාවක් ඔබට ලැබෙනු ඇත … උත්සාහ කර බලන්න … ජයග්‍රාහී සතුටක් ලැබූවෙක් වන්න …


 

සමීප වැඩසටහන් …


No Post Found.

නිත්‍ය වැඩසටහන් …






මෙය බෙදාහරින්න: